Thursday, September 23, 2021


හොඳට හිතන්න ඕන එ කෙනා තෝරා ගනිද්දී



ජිවිතයට කියන්නේ ලෙහෙසි පහසු දෙයකට නෙමෙයි... ඇත්තටම ජීවිතය හරි අමාරුයි... ඒත් ඇත්තටම ජිවිතය පහසු නෑ... හැබැයි අපහසුත් නෑ... ජීවිතය දිනන්න ගොඩක් අය ඕන නෑ.... ඒත් එක්කෙනෙක් හරි ඕන.... ඒ කෙනා සොයා ගන්න එක තමයි ලොකුම ප්රශ්ණය.... හොඳට හිතන්න ඕන... ජීවත් වෙන්න තව දවස් කීයක් ඉතුරු වෙලා තියෙනවද..... ජීවතේ කරන්න තව වැඩ කොච්චර තියෙනවාද.... ඉටු කර ගන්න බලාපොරොත්තු කොච්චර තියෙනවද... දකින්න තව කොච්චර සුබ දසුන් තියෙනවද.... එ හැම දේකටම එක්කෙනෙක් ඕන... දෙතුන් දෙනෙක් නෙමේ.. එක්කෙනෙක් ඕන..හොඳට හිතන්න ඕන එ කෙනා තෝරා ගනිද්දී .....
අත්තටු පෙනෙන්නේ පියාඹද්දී විතරයි...ඒ වගේම හදවතක් තේරුම් ගන්න පුළුවන් ආදරේ කරද්දී විතරයි...ජීවිතය කියන්නේ බලාපොරොහ්තු කඳු වැට්යකට නම් ඒ කඳු වැටිවලට අධිපති පිදුරුතලාගල තමයි ආදරේ කියන්නේ.......... ආදරය ඇතුළේ දුක තියෙන්න පුළුවන්...කඳුළු තියෙන්න පුළුවන්... වද වේදන තියෙන්න පුළුවන්...ඒත් සැබෑ ආදරයක් ඇතුළේ බලපෑම්... පාදඩකම්....තිරිසන්කම් තියෙන බෑ... ආදරය බදා ගන්න හිතෙන්නෙ ජීවිතය බෙදා ගන්න කෙනෙක් ලැබුණම... ආදරේ කරන කෙනෙක් ළඟ වැඩිපුරම තියෙන්නේ ආදරය විතරයි... පුදන ආදරයට පෙරලා ආදරය නොලබෙන වෙලාවට ආදරය මත්තෙම හැපිලා ජීවිතයත් විනාශ කරගන්න හිතෙන්නේ එහෙම වුණාම.. අපි ආදරය වගේ විශාල දෙයක් එහෙම අය එක්ක බෙදා ගන්නේ කොහොමද..?
සොයා ගන්න ඕන........ ඒත් කොහොමද...? මේ වගේ කෙනෙක් ලැබෙනවා නම්.....

1. කරදර හඹාගෙන එද්දී ජීවිතයත්... ඔබවත් දාලා නොය කෙනෙක්....

2. මෝසම් කුණාටුව හමාගෙන එද්දී ඔබත් සමඟම ගරා නොවැටෙන කෙනෙක්....

3. ඔබේ ආදරය මිසක ලොව අන් කිසිවක් විශ්වාස නොකරන කෙනෙක්....

4. ලෝකයම ඔබට ගරහද්දී ඔබ ළඟ සිත සනසන කවිපදයක් වන කෙනෙක්....

5. .ඔබ ගිනි ගෙන දැවෙද්දී ඔබ වටා සීත ගඟුලක් වන කෙනෙක්....

6. .අමාවකදාත් .... පසලොස්වකදාත් එකම ලෙස එළිය දෙන පහනක්වන් එනෙක්...

7. .ජීවිතය අතර මගදී නොදැන ගොස් අතරමං වෙද්දීත් ඔබව අතින් අල්ලාගෙන කතරගම ගෙන යන කෙනෙක්


 

0 comments:

Post a Comment